කසළ කළමනාකරණය
- සතිය පුරාම කළුතර උතුර, කළුතර දකුණ, කටුකුරුන්ද 1 හා කටුකුරුන්ද 11 ලෙස කලාප 04 බෙදා මුළු නගර සභා බල ප්‍රදේශයම ආවරණය වන පරිදි දෛනිකව ජනනය වන කසල එකතු කිරීම සිදු කරනු ලැබේ.
- බ්‍රහස්පතින්දා නොදිරන කසල එකතු කිරීම සිදු කරන අතර ඉතිරි දින 06ම දිරන කසල එකතු කිරීම සිදු කරනු ලැබේ.
- දිරන කසල අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ කොම්පෝස්ට් අංගනය වෙත භාර දෙනු ලැබේ.
- පොලිතින් හා ප්ලාස්ටික් බේලින් යන්ත්‍රයට යොමු කර අලෙවි කිරීම සිදු කරයි.
- ඉ-වේස්ට්, වීදුරු හා යකඩ සෑම මසකම අවසාන සතියේ බ්‍රහස්පතින්දා ලබා ගැනීම.
- දෛනිකව නාගරික මාර්ග ඇමදීම සිදු කරයි.
- දෛනිකව කාණු පවිත්‍ර කිරීම සිදු කරයි.
- මුළුතැන්ගෙයි ජනනයවන කසල වලට අමතරව ජනනය වන කසල මුදල් අයකර ලබා ගැනීම.
- ව්‍යාපාරික ස්ථාන වලින් මුදල් අය කර කසල ලබා ගැනීම.
- නාගරික මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන්ගේ, ප්‍රජා මූල සංවිධාන, වෙළඳ සංගම්වල සහභාගීත්වයෙන් 3R සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර වීමට ජනතාව උනන්දු කිරීම.
- කසල පොල පැවැත්වීමේ දිනයන් වෙබ් අඩවිය මඟින් හා ජංගම නිවේදන රථයක් මඟින් නගර වැසියන්ට දැනුම් දෙනු ලැබේ.
- පරිසර පොලීසියේ සහයෝගයෙන් අවධිමත් ලෙස කසල බැහැර කරන්නන් සම්බන්ධ නෛතික ක්‍රියාමාර්ග ගැනීම.